මීලඟ නැවතුම පසුකරලා…ඔබ යයිනම් මා හැරදා
දුම්රිය ආයෙත් නවතනු නෑ මේ නවාතැනේ කිසිදා...
ආදර සිනහව මට පාලා...මගෙ නවාතැනේ හිඳලා,
හිතවත් හිත මට අහිමි කලේ නුඹ,තෙල්සායම් මකලා
සිතුවිලි සිතුවම් කරන්න හැකිනම් අදින්න ඒ රූපේ
මෙතුවක් කාලෙට ඇන්ද ඔබේ මම සෙවනැලි විතරක්නේ...
මීලඟ නැවතුම පසුකරලා…//
ජීවන දුම්රිය අතරමඟදි කලුවර කුටියට වැදුනා
පින්සල ගෙන මා අදින්න හැදු ඒ රුව අඳුරේ ගිලුනා
ගෙවුනු නිමේෂය අතැර දමන්නට මට බෑ ඔබ හන්දා
අවසන් වූ සිතුවම දැකගන්නට හිරු කිරණක් පැතුවා...
මීලඟ නැවතුම පසුකරලා…//
හිරුගේ උණුසුම ලැබගත් විගසම වියලෙන්නට බලනා
දිය සායමකින් ඔබ සිතුවම් කල මා වරදක් කරලා
දුටු විට ගැස්සුනු ඔබේ දසුන මා හිත මත ඇඳිල ගියා
පසුවුනු නැවතුම මගේ නොවන බව දැන් සහතික වනවා
©2010 උදය ශාමේන්ද්‍ර
0 අදහස්:
Post a Comment
අදහසක් දෙකක් ලියල යන්න පුලුවන් නම් වටිනව ::