එන්න අපේ සෙවනට... තවත් නොබෝ දිනකින්ම...

විශේෂ නිවේදන - අවදියෙන් සිටින්න... මේ ඔබේ අවස්ථාවයි!

ජියෝ කේතනය (Geo Coding)

Wednesday, April 7, 2010

ජියෝ කේතනය එහෙමත් නැත්නම් කියන්නෙ මොකක්ද?
ඒක ගැන දැනගන්න කලින් මම ඔයගොල්ලන්ව වෙන දිශාවකට රැගෙන යනව.


අපි ඉස්සරනම් ලෝක සිතියමේ තැනක් හොයාගන්න ගියාම හරිම අමාරුවක වැටෙනව නේද? ඒත් දැන් ඒක ඉතාම සරල දෙයක් වෙලා.
මොකොද ගූගල් සමාගම ඒකට විසදුමක් හදුන්වාදීල තියෙන්නෙ.
ගූගල් විතරක් නෙමේ, මේ වෙනකොට bing maps, yahoo maps ආදී වශයෙන් මීට සමාන සේවා සපයන ආයතන බොහොමයක් තියෙනව.
නමුත් අපි කවුරුත් දන්න ගූගල් මැප්ස් සේවය අද කාටත් සමීප දෙයක් බවට පත් වෙලා.


සාමාන්‍ය සිතියමකින් වෙනස් වුණු ලක්ෂණ බොහොමයක් මෙම සේවය සතුයි.
ලෝකයේ විශේෂ ආරක්ශක කලාප සහ තවත් විශේෂිත ස්ථාන ඇරුණු කොට හැම තැනක්ම මේක තුල සවිස්තරාත්මකව හොයාගන්න පුලුවන්.
ඒ වගේම ඒ ඒ ස්ථාන වල ඡායාරූප වගේම ටවත් බොහෝ දේ දැකගන්න පුලුවන්.
http://maps.google.com

අද මගේ මාතෘකාව වෙන්නෙ මේ අන්තර්ජාල සේවය ගැන කතා කිරීම නෙවෙයි.
මේක වෙන්න කොහොමද සහ භාවිතා වෙන තාක්ෂණයන් ගැන කතා කිරීම.
ගූගල් මැප්ස් API එක, එහෙමත් නැත්නම් අයදුම් කේතන අතුරුමුහුණතත(application programming interface)

භාවිතා කරල අපිට ජියෝ කේතනය ඉගෙන ගන්න වගේම තවත් ගොඩක් නිර්මාණ සහ මෘදුකාංග නිපදවීමේ හැකියාව තියෙනව.
අන්තර්ජාලයේ බොහෝ සැරිසරන අයටනම්,
http://maps.nationalgeographic.com
http://wikimapia.org
http://maps.fon.com/
http://www.maplandia.com/
http://www.seeyourhotel.com/
මේව දැකල ඇති නේ. මේ ඔක්කොම Google Maps API පාවිච්චි කරල හදපුවා.!

ගූගල් ජියෝ කේතනය කියන්නෙ සාමාන්‍ය මිනිසුන් ව්‍යවහාරයේ භාවිතා කරන ලිපිනයන්, ස්ථාන සඳහා භාවිතා කරන නම් වගේ ඒවා අක්ෂාංශ, දේශාංශ වගේ  භූ ගෝලීය දත්ත වලට පරිවර්තනය කිරීමේ කේතන ක්‍රමයයි.

මුලින්ම මේ API එක භාවිතා කිරීමට ගූගල් සමාගමෙන් key එකක් ලබා ගත යුතු වෙනව.
පහත ලිපිනය මත ක්ලික් කරල අවශ්‍ය තැනට යන්න පුලුවන්.
http://code.google.com/apis/maps/signup.html



එතනදී ගූගල් මැප්ස් සේවය ලබාගත යුතු ඔබගේ URL ලිපිනය ලබාදිය යුතු වෙනව.
ඔබ මේ සේවය localhost ලෙස භාවිතා කිරීමට යන්නේ නම් ඒ සඳහා http://localhost/[yourMapUsingPlace] යනුවෙන් ලබාදිය යුතු වෙනවා.

අපි මේ Google API කේතනය කරන්නෙ කොහොමද කියල ඊලඟ සටහනෙන් සාකච්ඡා කරමු.

ඔය ගොල්ලන් ගූගල් ඒ.පී.අය්. එකේ සංකීර්ණ කේතන ක්‍රම ඉගෙන ගන්න කැමති ඇති කියල මම හිතනව! :)

මගේ ඉංග්‍රීසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com
Share/Bookmark