එන්න අපේ සෙවනට... තවත් නොබෝ දිනකින්ම...

විශේෂ නිවේදන - අවදියෙන් සිටින්න... මේ ඔබේ අවස්ථාවයි!

ස්කයිප් ප්‍රශ්නයට විසඳුම (2011/6/8)

Tuesday, June 7, 2011



ස්කයිප් වල අලුතෙන්ම ඇතිවූ ප්‍රශ්නයට විසඳුම හරිම සරලයි.
දැනට තිබෙන ස්ක්යිප් අන් ඉන්ස්ටොල් කර නැවත අලුතෙන් සෙටප් එකක් අරගෙන ඉන්ස්ටොල් කරන්න....
එවිට ප්‍රශ්නය විසඳේවි

Share/Bookmark

ස්කයිප් වැඩ කරන්නේ නැද්ද? මෙන්න විසඳුම

Thursday, May 26, 2011


මෙය වලංගු වන්නේ 2011-මැයි-26 වෙනිදා ඇති වූ ප්‍රශ්නයට පමණි.


1.) මුලින්ම වින්ඩෝස් වල රන් විධානය ක්‍රියාත්මක කරන්න.ඒ සඳහා වින්ඩෝස් කී එක සමඟ "R" ඔබන්න.
2.) දැන් මේ කොටස එතන ටයිප් කරන්න
        %appdata%\skype
3.) දැන් විවෘත වන ෆොල්ඩරයෙහි ඇති  shared.xml. ෆයිලය මකා දමා ස්කයිප්ආරම්භ කරන්න.

2011 © udsha.blogspot.com 

Share/Bookmark

ෆොලොක් සේවා නවතයි!

Friday, April 22, 2011

ෆ්ලොක් ලොගෝව


ලොව පළමු සමාජ ජාල වෙබ් පිරික්සනය වූ "ෆ්ලොක්" වෙබ් බ්‍රව්සරය අද දින තම සේවා සැපයීම 2011 අප්‍රේල් මස 26 වනදා සිට නවත්වන බව ප්‍රකාශයට පත් කලේය.
ඒ අතර ඔවුන්ගේ පරිශීලකයන්ට ඒ මගින් සිදුවන අතපසුතාව ගැන පසුතැවිලි වන බවත් ඒ වෙනුවට ගූගල් ක්‍රෝම් හෝ ෆයර් ෆොක්ස් වෙබ් බ්‍රව්සරය පාවිච්චි කරන මෙන් උපදෙස් දී ඇත.

මෙය දියත් කලදා පටන් මා ද එහි පරිශීලකයෙක් වූ අතර ඒ පිළිබඳ එදා තබන ලද සටහන මෙතනින් කියවන්න.  
http://udsha.wordpress.com/2009/04/08/flocking-on-flock-for-vast-advantages/



කෙතරම් තාක්ෂණික අතින් හා අතුරු මුහුනතේ නව වෙනස් කම් සිදු කර තිබුනත් එහි වෙබ් පිටු හා අනෙකුත් සේවාවන්හි මන්දගාමී ස්වභාවය ඊට හේතු වන්නට ඇති!

ෆ්ලොක් අතුරු මුහුණත


Share/Bookmark

ඔබේ හඬ_නොමකන්න_Mr BULB!

Sunday, March 27, 2011

අපිට නොපෙනෙන/ නොදැනෙන අඳුරු ලොවක් උරුම කරගත් මිනිසුන් මේ ලොව අපේ කාලයේම වසන බව මොහොතකටවත් ඔබ නොසිතන්නට ඇති.
දකුණු අප්‍රිකාවෙන් උදාහරණ ගෙනහැර පාමින් ලොවට පෙන්වන්නට උත්සාහ කරන දරිද්‍රතාවය ලොව කොතැනත් පැවතීමට හැකි බව අපට බොහෝ විට නොහැඟේ.
දරිද්‍රතාවය කවදාවත් නිවාඩු ගන්නේ නැත.නමුත් ඉන් මිදී සිටින බොහෝ ජනතාව තමන් ලබන කුඩා විවේකය දරිද්‍රතාවය වෙනුවෙන් සටන් වදින ඔවුන් වෙනුවෙන් කැපකරන්නට උත්සාහ නොකරන්නේ ඇයි!

"මිස්ට බල්බ්" - තාක්ෂණයේ දියුණුවත් සමඟ කුඩා වූ ලෝකයේ දරිද්‍රතාවයෙන් පෙළෙන ළමා ළපටි වෙනුවෙන් දැනුම බෙදා දෙන්නට එක් පුද්ගලයෙක් දරන වෑයමක් ගැන කියවෙන විනාඩියක් පුරා දිග හැරෙන රූපමාලවක්.
ඒ වෑයම මල්පල ගන්වන්නට ඔබටද දායක විය හැකියි.

අන්තර්ජාතික "ඉමැජින් කප් " බහුමාධ්‍ය අංශයෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් කරන මෙම කෙටි චිත්‍රපටයේ පළමු වටය ප්‍රේක්ශක පිරිසගේ මනාප ඔස්සේ තෝරාගනී.
ඒ සඳහා ඔබගේ මනාපය භාවිතා කල හැකිය.

ඒ සඳහා,
  1. තරු පහක් සළකුනු කරන්න(ලංකාවට ප්‍රමුකස්ථානයක් දීම සඳහා )
  2. ඔබේ ඊ මේල් ලිපිනය ඇතුල කර ඊට උඩින් අති අකුරු හඳුනා සටහන් කරන්න
  3.  බොත්තම ඔබා ඡන්දය ලබා දෙන්න
  4. ඡන්දය තහවුරු කිරීමට ඔබගේ ඊ මේල් ලිපිනයට එන ලිපියේ සඳහන් දිඟුව එබීමෙන් ඡන්දය තහවුරු වේ.

වැදගත්:
  • ඔබ ඡන්දය තහවුරු නොකලහොත් එය අවලංගු වී යයි. 
  • එසේම ‍යාහූ මේල් (Yahoo Mail) ලිපින භාවිතා කර ඉන්බොක්ස් වෙතට තහවුරු ලිපිය නොලැබෙන්නේ නම් එය ස්පෑම් ඉන්බොක්ස් (Spam Inbox) තුල පරීක්ෂා කර බලන්න.

ඡන්දය දිය යුතු ආකරය...වඩාත් පැහැදිලිව... 


Share/Bookmark

හුණු වටය

Sunday, February 27, 2011



බිඳින්න රාමුවක්
නැත්නම් කොටු වෙන්නවත්


අඳින්න වළල්ලක්
වටේට තමන්ගෙම…
මකන්න පහසුවට
හුණුවලින්
අවැසිවිට!

http://www.facebook.com/album.php?aid=2104514&id=1425787013&l=a88726ecbd

Share/Bookmark

ඔබේ අනාගතය! සූදානමින් සිටින්න!



Share/Bookmark