එන්න අපේ සෙවනට... තවත් නොබෝ දිනකින්ම...

විශේෂ නිවේදන - අවදියෙන් සිටින්න... මේ ඔබේ අවස්ථාවයි!

සිසිල දැනෙනා විටක මසිතේ

Tuesday, December 14, 2010


අමුතු ලස්සනක් අහස අගිස්සේ
පායා ඇත දැන් අපි එන පාරේ
සුදෝ සුදු රැළිති නංවන සයුරේ
ඇදෙමු ඉදිරියට සමව සුළඟ සේ
ගළන ගඟ මතින් ඔරුව හසුරුවා
ලැහැඹ තුරුලේ
සැඟව සිටියේ…

ඇසෙනා හඬගා කියන කතාවක්
සවනට මුසුවේ කුරුලු බසින්
වැටෙනා හෙවනැලි තුරු අතරින්
මැවෙනා හැඩතල ඒ අතරින්
හැම රස ගන්වන
රස ලොව මෙහෙම තමා…

සිසිල දැනෙනා විටක මසිතේ
මැවේ එකවන් දසුන් මෙලෙසේ
ගතට එකසේ සිතට සැමසේ
විඳිය හැකිනම් මෙවන් රිසිසේ
නොවේ මුසපත්
අදුරු අහසේ...

©ඒ.ජී.උදය ශාමේන්ද්‍ර



Share/Bookmark

0 අදහස්:

Post a Comment

අදහසක් දෙකක් ලියල යන්න පුලුවන් නම් වටිනව ::