එන්න අපේ සෙවනට... තවත් නොබෝ දිනකින්ම...

විශේෂ නිවේදන - අවදියෙන් සිටින්න... මේ ඔබේ අවස්ථාවයි!

දුටුගැමුණු {dot} lk

Thursday, March 4, 2010

ශ්‍රී ලංකාවේ ඉතිහාසය ලොවට හඬගා කියන්නට තියෙන ක්‍රම බොහෝමයි.

සිංහලෙන් බ්ලොග් ලිවීමත් එවැනි එක් ක්‍රමයක්.දැන් දැන් ලාංකිකයන් ගොඩක් දෙන්නා මේ පැත්තට නැඹුරු වෙමින් ඉන්නෙ.තාක්ෂණික පැත්තෙන් ඊට ඇති බාධා දුරු කරලීම ඒ අංශයේ ඉන්න අයට භාරයි.
ඒ පැත්තෙන් නම් කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යායතනයේ යුනිකෝඩ පරිවර්තකය, සිංහල විකිපීඩියාව, යුනිකෝඩ කේත පද්ධතිය බාවිතා කිරීමේ පහසුව, කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යායතනයේ ensitip firefox plugin එක සහ මෙකී නොකී බොහෝ දේ හැදින්විය හැකියි.

මම අද මේ කියන්නට යන්නෙ තවත් ඒ වගේ නිර්මාණ කර්තව්‍යක් ගැන.

අපි ලොකු කුඩා හැම දෙනාම කැමති දෙයක් තමයි පරිගණක ක්‍රීඩා කියන්නෙ.
ශ්‍රී ලංකාවේ පරිගණක ක්‍රීඩා නිපදවන සමාගමක් වන  GTS ආයතනය මේ පාරත් අලුත් වැඩකට අත ගහල.

"අබා" වගේ අපේ ඉතිහාසයේ සිදුවීම් ආවරණය වන පරිදි සැකසූ තවත් පරිගණක ක්‍රීඩා වැඩසටහනක්!
මෙන්න මෙත්නට ගිහිල්ල බලන්න.


දුටුගැමුණු රජතුමා අපේ රටේ හිටපු ශ්‍රේෂ්ඨ රජතුමෙක්.
අදටත් එතුමා කරපු සේවය අපි හැම දෙනාම කතා බහ කරනව.


ඉතින් මම හිතන්නෙ ප්‍රොජෙක්ට් දුටුගැමුනු ඉතාමත් සාර්ථක උත්සාහයක් වේවි.
මගෙන් සුබ පැතුම්!


මගේ ඉන්ගිරිසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com
Share/Bookmark

2 අදහස්:

Anonymous said...

කෝ ඒකෙ මුකුත් නෑනෙ?
/දොඩන්

Unknown said...

තවම ඕක නිකුත් කරල නැහැ. ළඟදීම කියල තියෙනව ... අපිත් බලාගෙන ඉමු !

Post a Comment

අදහසක් දෙකක් ලියල යන්න පුලුවන් නම් වටිනව ::