එන්න අපේ සෙවනට... තවත් නොබෝ දිනකින්ම...

විශේෂ නිවේදන - අවදියෙන් සිටින්න... මේ ඔබේ අවස්ථාවයි!

නුවර ගිය 3idiots !

Thursday, March 4, 2010


අපිත් ගියා නුවර පොඩි රවුමක් දාලා මේ කලබලකාරී ජීවන රටාවෙන් මිදෙන්න.ඇත්තටම අපි ගියේ විනෝද චාරිකාවක් නම් නෙමේ.මේකත් මේ අර මුලින් කිව්ව ජීවන රටාව නිසා තමයි උදා උනේ.මේක ඉතින් අපි පොඩි පික්නික් එකක් බවට හරවගත්ත.

"මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා" වල මාසික හමුවීමේ වාර රැස්වීමකට යන්න සිද්ධ උනා.වෙනද ඕක තියෙන්නෙ කොළඹ. මේ පාර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තිබ්බෙ.
නුවර යද්දි ගියේ ඔවුන්ගෙ බස් රථයෙ උනාට එද්දි අපි තීරණය කලා එදා රෑ අපේ නුවර ඉන්න යාළුවෙක්ගෙ ගෙදර නැවතිල පහුවෙනිද නුවර ඇවිදලම යන්න ඕන කියල.

ඉතින් ඕකෙදි ගත්තු පින්තූර එහෙම මං ගාව තිබ්බෙ ටිකයි.මොකොද මගේ කැමරාවෙ තියෙන්නෙ ගිගා බයිට එකක් මතක ධාරිතාවක් තියෙන චිපයක්.
ඉතුරුවා පස්සෙ පල කරන්න හිතුව.මොකොද ඉතුරු ඒව තියෙන අපේ නුවර යාළුව තාම මුණ ගැහුනෙ නැති නිසා.විද්‍යුත් තැපෑලෙන් එවන්නත් බෑ වගේ.එතන ගිගා බයිට හතරක්!

දන්නවනෙ මේ ඉන්නෙ කවුද කියල.
උඩම ඡායාරුව ( වමේ සිට ) කේශාන් , ශාමේන්ද්‍ර(වැදගත්ම එකානෙ :D ) ,කලණ 
දෙවන ඡායාරුව ( වමේ සිට ) කේශාන් , අශාන්, මම

ඉතින් ඊට පහු වෙනිද නුවර දළදා මාලිගාව වැඳ පුදා ගෙන,මල් වත්තෙත් රවුමක් ගහල, තවත් රසවත් තැන් බොහොමයක්ම රසවිඳල තමයි අවේ. මේ ගමන අපේ කේශාන්ගේ මනෝ විකාර ලියන කේශාන් සහෝදරයත්,කලන සහෝදරයත් එකතු උනා.අපේ නුවර යාළුවා අශාන්ගෙන් ලැබුනු උදව් නම් උපරිමයි.
එද්දි ගත්තු වීඩියෝ ටිකක් එකතු කරල මට හිතුන පොඩි දේශාථනයක් තියන්න ඕන කියල. ඒක මම ඔන්න පොඩි කෙටි චිත්‍රපටියක් විදියටම හැදුව.බලන්න හොඳද කියල?
කැමති අදහසක් ලියල යනවනම් ඔය ක්ෂේත්‍රයට කැමති මට ,ඒක ලොකු උදව්වක් වේවි! 




මගේ ඉන්ගිරිසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com
Share/Bookmark

3 අදහස්:

Anonymous said...

අපූරු වීඩියෝ එක. ලස්සනයි වැඩේ.

Dinesh_Silva said...

I think it’s a job well done. But would be better if you could use Sinhala songs instead of hindi. Yet again appreciate all your efforts.

Unknown said...

@sameerausa බොහොම ස්තුත්යි.

@Dinesh_Silva බොහොම ස්තුත්යි.,මේකට දාන්න නමක් මතක් උනේ ඔය නමනෙ.ඒක ඉතින් හින්දි චිත්‍රපටයක් හා සම්බන්ද නිසා හින්දි ඒවම පාවිච්චි කරන්න හිතුවෙ.

Post a Comment

අදහසක් දෙකක් ලියල යන්න පුලුවන් නම් වටිනව ::