එන්න අපේ සෙවනට... තවත් නොබෝ දිනකින්ම...

විශේෂ නිවේදන - අවදියෙන් සිටින්න... මේ ඔබේ අවස්ථාවයි!

ජියෝ කේතනය (Geo Coding)

Wednesday, April 7, 2010

ජියෝ කේතනය එහෙමත් නැත්නම් කියන්නෙ මොකක්ද?
ඒක ගැන දැනගන්න කලින් මම ඔයගොල්ලන්ව වෙන දිශාවකට රැගෙන යනව.


අපි ඉස්සරනම් ලෝක සිතියමේ තැනක් හොයාගන්න ගියාම හරිම අමාරුවක වැටෙනව නේද? ඒත් දැන් ඒක ඉතාම සරල දෙයක් වෙලා.
මොකොද ගූගල් සමාගම ඒකට විසදුමක් හදුන්වාදීල තියෙන්නෙ.
ගූගල් විතරක් නෙමේ, මේ වෙනකොට bing maps, yahoo maps ආදී වශයෙන් මීට සමාන සේවා සපයන ආයතන බොහොමයක් තියෙනව.
නමුත් අපි කවුරුත් දන්න ගූගල් මැප්ස් සේවය අද කාටත් සමීප දෙයක් බවට පත් වෙලා.


සාමාන්‍ය සිතියමකින් වෙනස් වුණු ලක්ෂණ බොහොමයක් මෙම සේවය සතුයි.
ලෝකයේ විශේෂ ආරක්ශක කලාප සහ තවත් විශේෂිත ස්ථාන ඇරුණු කොට හැම තැනක්ම මේක තුල සවිස්තරාත්මකව හොයාගන්න පුලුවන්.
ඒ වගේම ඒ ඒ ස්ථාන වල ඡායාරූප වගේම ටවත් බොහෝ දේ දැකගන්න පුලුවන්.
http://maps.google.com

අද මගේ මාතෘකාව වෙන්නෙ මේ අන්තර්ජාල සේවය ගැන කතා කිරීම නෙවෙයි.
මේක වෙන්න කොහොමද සහ භාවිතා වෙන තාක්ෂණයන් ගැන කතා කිරීම.
ගූගල් මැප්ස් API එක, එහෙමත් නැත්නම් අයදුම් කේතන අතුරුමුහුණතත(application programming interface)

භාවිතා කරල අපිට ජියෝ කේතනය ඉගෙන ගන්න වගේම තවත් ගොඩක් නිර්මාණ සහ මෘදුකාංග නිපදවීමේ හැකියාව තියෙනව.
අන්තර්ජාලයේ බොහෝ සැරිසරන අයටනම්,
http://maps.nationalgeographic.com
http://wikimapia.org
http://maps.fon.com/
http://www.maplandia.com/
http://www.seeyourhotel.com/
මේව දැකල ඇති නේ. මේ ඔක්කොම Google Maps API පාවිච්චි කරල හදපුවා.!

ගූගල් ජියෝ කේතනය කියන්නෙ සාමාන්‍ය මිනිසුන් ව්‍යවහාරයේ භාවිතා කරන ලිපිනයන්, ස්ථාන සඳහා භාවිතා කරන නම් වගේ ඒවා අක්ෂාංශ, දේශාංශ වගේ  භූ ගෝලීය දත්ත වලට පරිවර්තනය කිරීමේ කේතන ක්‍රමයයි.

මුලින්ම මේ API එක භාවිතා කිරීමට ගූගල් සමාගමෙන් key එකක් ලබා ගත යුතු වෙනව.
පහත ලිපිනය මත ක්ලික් කරල අවශ්‍ය තැනට යන්න පුලුවන්.
http://code.google.com/apis/maps/signup.html



එතනදී ගූගල් මැප්ස් සේවය ලබාගත යුතු ඔබගේ URL ලිපිනය ලබාදිය යුතු වෙනව.
ඔබ මේ සේවය localhost ලෙස භාවිතා කිරීමට යන්නේ නම් ඒ සඳහා http://localhost/[yourMapUsingPlace] යනුවෙන් ලබාදිය යුතු වෙනවා.

අපි මේ Google API කේතනය කරන්නෙ කොහොමද කියල ඊලඟ සටහනෙන් සාකච්ඡා කරමු.

ඔය ගොල්ලන් ගූගල් ඒ.පී.අය්. එකේ සංකීර්ණ කේතන ක්‍රම ඉගෙන ගන්න කැමති ඇති කියල මම හිතනව! :)

මගේ ඉංග්‍රීසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com
Share/Bookmark

සාමාන්‍යයෙන් අසාමාන්‍ය...(1)

Saturday, March 27, 2010



පහුගිය දවස් ටිකේ එක දිගටම වැඩ.
ඒත් අපරාදෙ කියන්න බෑ හොඳ චිත්‍රපටි කීපයක් බලන්න වාසනාවනම් ලැබුනා.
හැබැයි මේවා ටිකක් අමුතු තාලයේ තේමාවන් රැගත් චිත්‍රපට.
මේ ගැන පොඩ්ඩක් ලිව්වොත් හොඳයි කියලයි හිතුවෙ.

මම හිතනව ගොඩක් දෙනෙක් " ඩාවින්චි කෝඩ් " , " සෙවන් පව්න්ඩ්ස් " එහෙම බලල ඇති කියල. මේ වගේ ටිකක් හිතන්න දේවල් තියෙන චිත්‍රපට කීපයක් ! හැබැයි මේ එක එකක කතාව එකිනෙකට වෙනස්.
ඒක නිසා එකක් මැනපු මිම්මෙන් අනිත් එක මනින්න යන්නත් එපා.

මේ චිත්‍රපටි දෙක ලඟදි නිකුත් කරපුවා.

New Moon (2009)
අපි කවුරුත් දන්න "ට්විලයිට්" චිත්‍රපට නිකුතුවේ නවතම එක.
2006 දී ලියපු නවකතාවක් ඇසුරෙන් නිර්මානය කරල තියෙන්නෙ.
මිත්‍යා කතාවක් වුවත් මේක සාමන්‍ය ආදරය ගැන කතාවෙන එකක්.  






The Time Traveller's Wife


මේකත් ඉතින් මිත්‍යාවක් තමයි. ඒත් ඉතින් නියම කතාව. ගොඩක් දුරට "ටයිම් මැෂින්" චිත්‍රපටයෙ කතාවට සමානයි. හැබැයි ඊට වැඩිය මගේ හිතට ඇල්ලුවා.






Into The Wild!




මේක ඉතින් කලින් කීප සැරයක්ම බලල තිබ්බෙ. මගේ අතින් මැකිල ගියපු චිත්‍රපටයක්.ලඟදී යාලුවෙක්ගෙ ලඟ තිබිලා ආයෙත් ලැබුනා, ආයෙත් බැලුවා. පට්ටම පට්ට චිත්‍රපටිය.



මේකනම් මිත්‍යාවක් නෙමේ.
සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය කරපු නවකතාවක්ක් පාදක කරගෙන නිර්මාණය කරපු එකක්.
සාමාන්‍ය ජීවිතයේ කරදර බාදක වලින් නික්මිලා,අසාමාන්‍ය නිදහසක් සොයා ගිය අපූරු මිනිසෙක් ගැන තමයි කියවෙන්නෙ.








තවත් ඔය වගේ අපූරු චිත්‍රපට හෝ වෙනත් යමක් ගැන ගැන දැනගන්න ලැබුනොත් "සාමාන්‍යයෙන් අසාමාන්‍ය.."දෙවෙනි කොටසින් හමුවෙමු!

මගේ ඉන්ගිරිසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com
Share/Bookmark

ස්කූප්ලර් සෙවුම් යන්ත්‍රය සහ අපේකම !

Saturday, March 13, 2010



අපේකම,අපේකම රැකගැනීම ගැන මේ දවස් වල ඕනවටත් වැඩියෙන් කතාවෙනව, මොකොද ඡන්දයක් හෙට අනින්දම තියෙනවනෙ.

නමුත් පහුගිය දවසක අපේ එකෙක් ගැන දෙරණ රූපවාහිනිය වාර්තා කරල තිබ්බ.ඒ අපේම කොල්ලෙක්. 
ඔහු දිලාන් ජයවර්ධනය.

ශිෂ්‍යත්වයක් ලබා ඇමරිකාවේ මැසචුසෙට් තාක්ෂණික ආයතනයට වැඩිදුර අධ්‍යාපනය ලබන්න ගිය ඔහු 2006 ඉන් ඉවත් වීමෙන් පසුව ඔරකල් ආයතනයේ සේවය කොට පසුව තමාගේම පර්යේෂණ හා අධ්‍යනවල නිරතවීය.
ඉන් අනතුරුව තවත් ශ්‍රී ලාංකිකයෙකු සමග පටන් ගත් ස්කූප්ලර් නැමැති සෙවුම් යන්ත්‍රය විශේෂ එකකි.
මන්ද එය රියල් ටයිම් සර්ච් හෙවත් එම මොහොතේ වෙන සිදුවීම් එවලේම පෙන්වන සෙවුම් ක්‍රමයකි.
මේ තියෙන්නෙ ඔහුගේ සෙවුම් යන්ත්‍රයෙ තිර සටහන් දෙකක්.




මගේ ඉන්ගිරිසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com
Share/Bookmark

භූමිකම්පා නිසා වුනු කම්පනයකින්...

Thursday, March 4, 2010


මේක මේ මට නිකන් හිතිල අධ්‍යනය කරපු දෙයක්.
මේ දවස් වල ලෝකයේ ගොඩක් තැන් වල භූමි කම්පා සිද්ධ වෙනවනෙ.
ඒ වගේම අපේ රටට සුනාමි කියන මහා විපත වගේම ,ඒ විපතෙන් සිදුවූ විපතටත් වඩා වැඩි හානි සිදුකරමින් ඇති වූ හයිටි භූ කම්පනයත් බොහොමයක් දෙනාගෙ හිත්වල පැලපදියම් වෙලා ඇතිනෙ!
මෙහෙම දෙයක් භූ විද්‍යාවෙ තියෙනවද කියල මම දන්නෙ නෑ! මුලින්ම ඒක කියල ඉන්න ඕන.

අපේ ගෙදර තියෙනව ඉස්සර මම ඩී.එස්.අයි. එකෙන් සපත්තුවක් ගන්න ගියවෙලෙ ප්‍රචාරක තිලිණ ලෙස හම්බ වුනු ලෝක ගෝලයක්.මේ පුංචි ලෝක ගෝලයටත් මේ කතාවෙ වැදගත් තැනක් ලැබෙනව.
එදා සුමාත්‍රා වලට භූ කම්පනය උනාට පස්සෙ භූ කම්පනයක් උනා.ඒක උනේ හවායි වල.
සුමාත්‍රා වලත් තවත් භූ කම්පන උනා.



දැන් එමු මේ පාර උන එක ගැන කතාකරන්න.මේ පාර උනේ ( මම මේ කියන්නෙ, 2010-03-05 ) චිලී සහ තායිවානයේ.
පොඩ්ඩක් හොදින් බැලුවොත් පෙනේවි අනුයාතව සිදුවෙන මේ සිදුවීම් බොහොමයක් ( හැම එකම නෙමේ ) ලෝකයේ ප්‍රතිවිරුද්ධ අන්ත දෙකක සිදුවෙන බව.
චිලී,තායිවානය වගේම හවායි, සුමාත්‍රා යන ඒවත් ආසන්නව හෝ මම උඩින් කියපු දේත් එක්ක ගැළපෙනව කියල !
ලෝක ගෝලයක් අරගෙන ඔයගොල්ලත් බලන්න බොරුද කියල?


මගේ ඉන්ගිරිසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com
Share/Bookmark