එන්න අපේ සෙවනට... තවත් නොබෝ දිනකින්ම...

විශේෂ නිවේදන - අවදියෙන් සිටින්න... මේ ඔබේ අවස්ථාවයි!

Showing posts with label අන්තර්ජාලය. Show all posts
Showing posts with label අන්තර්ජාලය. Show all posts

ස්කයිප් ප්‍රශ්නයට විසඳුම (2011/6/8)

Tuesday, June 7, 2011



ස්කයිප් වල අලුතෙන්ම ඇතිවූ ප්‍රශ්නයට විසඳුම හරිම සරලයි.
දැනට තිබෙන ස්ක්යිප් අන් ඉන්ස්ටොල් කර නැවත අලුතෙන් සෙටප් එකක් අරගෙන ඉන්ස්ටොල් කරන්න....
එවිට ප්‍රශ්නය විසඳේවි

Share/Bookmark

ස්කයිප් වැඩ කරන්නේ නැද්ද? මෙන්න විසඳුම

Thursday, May 26, 2011


මෙය වලංගු වන්නේ 2011-මැයි-26 වෙනිදා ඇති වූ ප්‍රශ්නයට පමණි.


1.) මුලින්ම වින්ඩෝස් වල රන් විධානය ක්‍රියාත්මක කරන්න.ඒ සඳහා වින්ඩෝස් කී එක සමඟ "R" ඔබන්න.
2.) දැන් මේ කොටස එතන ටයිප් කරන්න
        %appdata%\skype
3.) දැන් විවෘත වන ෆොල්ඩරයෙහි ඇති  shared.xml. ෆයිලය මකා දමා ස්කයිප්ආරම්භ කරන්න.

2011 © udsha.blogspot.com 

Share/Bookmark

ෆොලොක් සේවා නවතයි!

Friday, April 22, 2011

ෆ්ලොක් ලොගෝව


ලොව පළමු සමාජ ජාල වෙබ් පිරික්සනය වූ "ෆ්ලොක්" වෙබ් බ්‍රව්සරය අද දින තම සේවා සැපයීම 2011 අප්‍රේල් මස 26 වනදා සිට නවත්වන බව ප්‍රකාශයට පත් කලේය.
ඒ අතර ඔවුන්ගේ පරිශීලකයන්ට ඒ මගින් සිදුවන අතපසුතාව ගැන පසුතැවිලි වන බවත් ඒ වෙනුවට ගූගල් ක්‍රෝම් හෝ ෆයර් ෆොක්ස් වෙබ් බ්‍රව්සරය පාවිච්චි කරන මෙන් උපදෙස් දී ඇත.

මෙය දියත් කලදා පටන් මා ද එහි පරිශීලකයෙක් වූ අතර ඒ පිළිබඳ එදා තබන ලද සටහන මෙතනින් කියවන්න.  
http://udsha.wordpress.com/2009/04/08/flocking-on-flock-for-vast-advantages/



කෙතරම් තාක්ෂණික අතින් හා අතුරු මුහුනතේ නව වෙනස් කම් සිදු කර තිබුනත් එහි වෙබ් පිටු හා අනෙකුත් සේවාවන්හි මන්දගාමී ස්වභාවය ඊට හේතු වන්නට ඇති!

ෆ්ලොක් අතුරු මුහුණත


Share/Bookmark

ඔබ ඉගැන්වීමට උපන්නෙක්ද?

Tuesday, August 24, 2010

මෙය දුටු විට සක්විතිගේ තවත් එක් දැන්වීමක්ද යන සිතිවිල්ල පහළ වන්නට පුලුවන.



"අපි සියලු දෙනාම ඉගැන්වීමට ආසා කරමු.මන්ද මේ උතුම් අධ්‍යාපනයේ වටිනාකම අපට පසක් වන නිසාවෙනි! "
මෙය ගුරුවරු වන අප සැමගේ අපේක්ෂාව සහ බලාපොරොත්තුවයි.


ඔබ අමතර පන්ති කරන පුද්ගලයෙක්ද? එසේනම් මේ ඔබට සුදුසුම ස්ථානයයි.
මේ පිලිබඳ විස්තර කියවීමට ප්‍රථම ඒ කුමක්දැයි ඔබටම විමසා දැන ගැනීමට අවශ්‍ය නම් මේ හරහා යන්න.
http://guruwaru.blogspot.com

ඇත්තෙන්ම මෙය මා ලැබූ එක් අත්දැකීමකින් බිහිවූ ප්‍රතිඵලයකි.අන්තර්ජාලය ඔස්සේ මාගේ අමතර පන්ති සඳහා ප්‍රචාරයක් ලබා දීමේ මං සෙවූ මම ඒ සඳහා නිසි ක්‍රමයක් හමු නොවූයෙන් අවසානයේ ඒ සදහා විසදුමක් නිර්මානය කිරීමට අවැසි වූයේය.
ඇතම් ප්‍රචාරක වෙබ් අඩවි විවිද රෙගුලාසි භාවිතා කිරීම අප වැනි විශ්වවිද්‍යාල සිසුන්ගේ අවශ්‍යතා වලට වැට කඩොලු බැදෙන නිසා (උදා:ආර්ථික ...) ඒ කිසිදු රෙගුලාසි වලින් තොර අවකාශයක් නිර්මානය කිරීම විශ්ව විද්යාල සිසුවෙකු ලෙස ගත් උත්සාහයක් පමණි , මෙය.



1.අපගේ සේවාව ලබන්නන්ගේ විෂය පරාසය.
2.අපගේ සේවාව ලබන්නන්ගේ නොමිලේ පළවන දැන්වීම.

ඔබේ දැන්වීමත් පළ කරවා ගැනීමට වෙබ් අඩවිය සතු පෝරමය පුරවන්න.නැතහොත් මෙතනින් යන්න.
CLICK HERE

ඒ වාගේම ඔබ අමතර පන්ති සොයන්නෙක් නම් ඒ සඳහාද ඉඩ අවස්ථා ඇත.අපගේ mailing list එකතු වන්න.

මෙය බ්ලොග් අඩවියක් ලෙස තවමත් පවතී.මේ සඳහා හෝස්ටින් පහසුකම් නොමිලේ ලබාදීමට ඉදිරිපත් වීමට කැමති අයට ඉඩ ප්‍රස්ථාව තිබේ.ඒ සඳහා මාගේ ඊමේල් ලිපිනයෙන් විමසීම් කල හැක.

මගේ ඉංග්‍රීසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com
Share/Bookmark

තවත් ෆේස් බුක් වයිරසයක්!!!!!!! - http://apps.facebook.com/mynewapppp/

Saturday, June 12, 2010

තවත් ෆේස් බුක් වයිරසයක්!!!!!!!

http://apps.facebook.com/mynewapppp/




තවත් ෆේස් බුක් වයිරසයක්!!!!!!!
මේ විදියට කමෙන්ට් එකක් වැටිල තියෙනවනම් ඒක ගොඩක් දුරට වයිරසයක් වෙන්න පුලුවන්...
මේක ඉතාමත් ඉක්මනට පැතිරෙනව...වගේ!!!
හ්ම්ම්ම්
මූණු පොත කියන්නෙත් දැන් ටිකක් අනතුරුදායක තැනක් නොවැ!
පරිස්සමෙන්!


මගේ ඉංග්‍රීසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com
Share/Bookmark

ජියෝ කේතනය (Geo Coding)

Wednesday, April 7, 2010

ජියෝ කේතනය එහෙමත් නැත්නම් කියන්නෙ මොකක්ද?
ඒක ගැන දැනගන්න කලින් මම ඔයගොල්ලන්ව වෙන දිශාවකට රැගෙන යනව.


අපි ඉස්සරනම් ලෝක සිතියමේ තැනක් හොයාගන්න ගියාම හරිම අමාරුවක වැටෙනව නේද? ඒත් දැන් ඒක ඉතාම සරල දෙයක් වෙලා.
මොකොද ගූගල් සමාගම ඒකට විසදුමක් හදුන්වාදීල තියෙන්නෙ.
ගූගල් විතරක් නෙමේ, මේ වෙනකොට bing maps, yahoo maps ආදී වශයෙන් මීට සමාන සේවා සපයන ආයතන බොහොමයක් තියෙනව.
නමුත් අපි කවුරුත් දන්න ගූගල් මැප්ස් සේවය අද කාටත් සමීප දෙයක් බවට පත් වෙලා.


සාමාන්‍ය සිතියමකින් වෙනස් වුණු ලක්ෂණ බොහොමයක් මෙම සේවය සතුයි.
ලෝකයේ විශේෂ ආරක්ශක කලාප සහ තවත් විශේෂිත ස්ථාන ඇරුණු කොට හැම තැනක්ම මේක තුල සවිස්තරාත්මකව හොයාගන්න පුලුවන්.
ඒ වගේම ඒ ඒ ස්ථාන වල ඡායාරූප වගේම ටවත් බොහෝ දේ දැකගන්න පුලුවන්.
http://maps.google.com

අද මගේ මාතෘකාව වෙන්නෙ මේ අන්තර්ජාල සේවය ගැන කතා කිරීම නෙවෙයි.
මේක වෙන්න කොහොමද සහ භාවිතා වෙන තාක්ෂණයන් ගැන කතා කිරීම.
ගූගල් මැප්ස් API එක, එහෙමත් නැත්නම් අයදුම් කේතන අතුරුමුහුණතත(application programming interface)

භාවිතා කරල අපිට ජියෝ කේතනය ඉගෙන ගන්න වගේම තවත් ගොඩක් නිර්මාණ සහ මෘදුකාංග නිපදවීමේ හැකියාව තියෙනව.
අන්තර්ජාලයේ බොහෝ සැරිසරන අයටනම්,
http://maps.nationalgeographic.com
http://wikimapia.org
http://maps.fon.com/
http://www.maplandia.com/
http://www.seeyourhotel.com/
මේව දැකල ඇති නේ. මේ ඔක්කොම Google Maps API පාවිච්චි කරල හදපුවා.!

ගූගල් ජියෝ කේතනය කියන්නෙ සාමාන්‍ය මිනිසුන් ව්‍යවහාරයේ භාවිතා කරන ලිපිනයන්, ස්ථාන සඳහා භාවිතා කරන නම් වගේ ඒවා අක්ෂාංශ, දේශාංශ වගේ  භූ ගෝලීය දත්ත වලට පරිවර්තනය කිරීමේ කේතන ක්‍රමයයි.

මුලින්ම මේ API එක භාවිතා කිරීමට ගූගල් සමාගමෙන් key එකක් ලබා ගත යුතු වෙනව.
පහත ලිපිනය මත ක්ලික් කරල අවශ්‍ය තැනට යන්න පුලුවන්.
http://code.google.com/apis/maps/signup.html



එතනදී ගූගල් මැප්ස් සේවය ලබාගත යුතු ඔබගේ URL ලිපිනය ලබාදිය යුතු වෙනව.
ඔබ මේ සේවය localhost ලෙස භාවිතා කිරීමට යන්නේ නම් ඒ සඳහා http://localhost/[yourMapUsingPlace] යනුවෙන් ලබාදිය යුතු වෙනවා.

අපි මේ Google API කේතනය කරන්නෙ කොහොමද කියල ඊලඟ සටහනෙන් සාකච්ඡා කරමු.

ඔය ගොල්ලන් ගූගල් ඒ.පී.අය්. එකේ සංකීර්ණ කේතන ක්‍රම ඉගෙන ගන්න කැමති ඇති කියල මම හිතනව! :)

මගේ ඉංග්‍රීසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com
Share/Bookmark

ස්කූප්ලර් සෙවුම් යන්ත්‍රය සහ අපේකම !

Saturday, March 13, 2010



අපේකම,අපේකම රැකගැනීම ගැන මේ දවස් වල ඕනවටත් වැඩියෙන් කතාවෙනව, මොකොද ඡන්දයක් හෙට අනින්දම තියෙනවනෙ.

නමුත් පහුගිය දවසක අපේ එකෙක් ගැන දෙරණ රූපවාහිනිය වාර්තා කරල තිබ්බ.ඒ අපේම කොල්ලෙක්. 
ඔහු දිලාන් ජයවර්ධනය.

ශිෂ්‍යත්වයක් ලබා ඇමරිකාවේ මැසචුසෙට් තාක්ෂණික ආයතනයට වැඩිදුර අධ්‍යාපනය ලබන්න ගිය ඔහු 2006 ඉන් ඉවත් වීමෙන් පසුව ඔරකල් ආයතනයේ සේවය කොට පසුව තමාගේම පර්යේෂණ හා අධ්‍යනවල නිරතවීය.
ඉන් අනතුරුව තවත් ශ්‍රී ලාංකිකයෙකු සමග පටන් ගත් ස්කූප්ලර් නැමැති සෙවුම් යන්ත්‍රය විශේෂ එකකි.
මන්ද එය රියල් ටයිම් සර්ච් හෙවත් එම මොහොතේ වෙන සිදුවීම් එවලේම පෙන්වන සෙවුම් ක්‍රමයකි.
මේ තියෙන්නෙ ඔහුගේ සෙවුම් යන්ත්‍රයෙ තිර සටහන් දෙකක්.




මගේ ඉන්ගිරිසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com
Share/Bookmark