එන්න අපේ සෙවනට... තවත් නොබෝ දිනකින්ම...

විශේෂ නිවේදන - අවදියෙන් සිටින්න... මේ ඔබේ අවස්ථාවයි!

Showing posts with label කලාව. Show all posts
Showing posts with label කලාව. Show all posts

ඔබේ හඬ_නොමකන්න_Mr BULB!

Sunday, March 27, 2011

අපිට නොපෙනෙන/ නොදැනෙන අඳුරු ලොවක් උරුම කරගත් මිනිසුන් මේ ලොව අපේ කාලයේම වසන බව මොහොතකටවත් ඔබ නොසිතන්නට ඇති.
දකුණු අප්‍රිකාවෙන් උදාහරණ ගෙනහැර පාමින් ලොවට පෙන්වන්නට උත්සාහ කරන දරිද්‍රතාවය ලොව කොතැනත් පැවතීමට හැකි බව අපට බොහෝ විට නොහැඟේ.
දරිද්‍රතාවය කවදාවත් නිවාඩු ගන්නේ නැත.නමුත් ඉන් මිදී සිටින බොහෝ ජනතාව තමන් ලබන කුඩා විවේකය දරිද්‍රතාවය වෙනුවෙන් සටන් වදින ඔවුන් වෙනුවෙන් කැපකරන්නට උත්සාහ නොකරන්නේ ඇයි!

"මිස්ට බල්බ්" - තාක්ෂණයේ දියුණුවත් සමඟ කුඩා වූ ලෝකයේ දරිද්‍රතාවයෙන් පෙළෙන ළමා ළපටි වෙනුවෙන් දැනුම බෙදා දෙන්නට එක් පුද්ගලයෙක් දරන වෑයමක් ගැන කියවෙන විනාඩියක් පුරා දිග හැරෙන රූපමාලවක්.
ඒ වෑයම මල්පල ගන්වන්නට ඔබටද දායක විය හැකියි.

අන්තර්ජාතික "ඉමැජින් කප් " බහුමාධ්‍ය අංශයෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් කරන මෙම කෙටි චිත්‍රපටයේ පළමු වටය ප්‍රේක්ශක පිරිසගේ මනාප ඔස්සේ තෝරාගනී.
ඒ සඳහා ඔබගේ මනාපය භාවිතා කල හැකිය.

ඒ සඳහා,
  1. තරු පහක් සළකුනු කරන්න(ලංකාවට ප්‍රමුකස්ථානයක් දීම සඳහා )
  2. ඔබේ ඊ මේල් ලිපිනය ඇතුල කර ඊට උඩින් අති අකුරු හඳුනා සටහන් කරන්න
  3.  බොත්තම ඔබා ඡන්දය ලබා දෙන්න
  4. ඡන්දය තහවුරු කිරීමට ඔබගේ ඊ මේල් ලිපිනයට එන ලිපියේ සඳහන් දිඟුව එබීමෙන් ඡන්දය තහවුරු වේ.

වැදගත්:
  • ඔබ ඡන්දය තහවුරු නොකලහොත් එය අවලංගු වී යයි. 
  • එසේම ‍යාහූ මේල් (Yahoo Mail) ලිපින භාවිතා කර ඉන්බොක්ස් වෙතට තහවුරු ලිපිය නොලැබෙන්නේ නම් එය ස්පෑම් ඉන්බොක්ස් (Spam Inbox) තුල පරීක්ෂා කර බලන්න.

ඡන්දය දිය යුතු ආකරය...වඩාත් පැහැදිලිව... 


Share/Bookmark

හුණු වටය

Sunday, February 27, 2011



බිඳින්න රාමුවක්
නැත්නම් කොටු වෙන්නවත්


අඳින්න වළල්ලක්
වටේට තමන්ගෙම…
මකන්න පහසුවට
හුණුවලින්
අවැසිවිට!

http://www.facebook.com/album.php?aid=2104514&id=1425787013&l=a88726ecbd

Share/Bookmark

මීලඟ නැවතුම!

Wednesday, December 22, 2010


මීලඟ නැවතුම පසුකරලා…ඔබ යයිනම් මා හැරදා
දුම්රිය ආයෙත් නවතනු නෑ මේ නවාතැනේ කිසිදා...

ආදර සිනහව මට පාලා...මගෙ නවාතැනේ හිඳලා,
හිතවත් හිත මට අහිමි කලේ නුඹ,තෙල්සායම් මකලා
සිතුවිලි සිතුවම් කරන්න හැකිනම් අදින්න ඒ රූපේ
මෙතුවක් කාලෙට ඇන්ද ඔබේ මම සෙවනැලි විතරක්නේ...

මීලඟ නැවතුම පසුකරලා…//
 
ජීවන දුම්රිය අතරමඟදි කලුවර කුටියට වැදුනා
පින්සල ගෙන මා අදින්න හැදු ඒ රුව අඳුරේ ගිලුනා
ගෙවුනු නිමේෂය අතැර දමන්නට මට බෑ ඔබ හන්දා
අවසන් වූ සිතුවම දැකගන්නට හිරු කිරණක් පැතුවා...

මීලඟ නැවතුම පසුකරලා…//
 
හිරුගේ උණුසුම ලැබගත් විගසම වියලෙන්නට බලනා
දිය සායමකින් ඔබ සිතුවම් කල මා වරදක් කරලා
දුටු විට ගැස්සුනු ඔබේ දසුන මා හිත මත ඇඳිල ගියා
පසුවුනු නැවතුම මගේ නොවන බව දැන් සහතික වනවා

©2010 උදය ශාමේන්ද්‍ර


Share/Bookmark

සිසිල දැනෙනා විටක මසිතේ

Tuesday, December 14, 2010


අමුතු ලස්සනක් අහස අගිස්සේ
පායා ඇත දැන් අපි එන පාරේ
සුදෝ සුදු රැළිති නංවන සයුරේ
ඇදෙමු ඉදිරියට සමව සුළඟ සේ
ගළන ගඟ මතින් ඔරුව හසුරුවා
ලැහැඹ තුරුලේ
සැඟව සිටියේ…

ඇසෙනා හඬගා කියන කතාවක්
සවනට මුසුවේ කුරුලු බසින්
වැටෙනා හෙවනැලි තුරු අතරින්
මැවෙනා හැඩතල ඒ අතරින්
හැම රස ගන්වන
රස ලොව මෙහෙම තමා…

සිසිල දැනෙනා විටක මසිතේ
මැවේ එකවන් දසුන් මෙලෙසේ
ගතට එකසේ සිතට සැමසේ
විඳිය හැකිනම් මෙවන් රිසිසේ
නොවේ මුසපත්
අදුරු අහසේ...

©ඒ.ජී.උදය ශාමේන්ද්‍ර



Share/Bookmark

සාමාන්‍යයෙන් අසාමාන්‍ය...(1)

Saturday, March 27, 2010



පහුගිය දවස් ටිකේ එක දිගටම වැඩ.
ඒත් අපරාදෙ කියන්න බෑ හොඳ චිත්‍රපටි කීපයක් බලන්න වාසනාවනම් ලැබුනා.
හැබැයි මේවා ටිකක් අමුතු තාලයේ තේමාවන් රැගත් චිත්‍රපට.
මේ ගැන පොඩ්ඩක් ලිව්වොත් හොඳයි කියලයි හිතුවෙ.

මම හිතනව ගොඩක් දෙනෙක් " ඩාවින්චි කෝඩ් " , " සෙවන් පව්න්ඩ්ස් " එහෙම බලල ඇති කියල. මේ වගේ ටිකක් හිතන්න දේවල් තියෙන චිත්‍රපට කීපයක් ! හැබැයි මේ එක එකක කතාව එකිනෙකට වෙනස්.
ඒක නිසා එකක් මැනපු මිම්මෙන් අනිත් එක මනින්න යන්නත් එපා.

මේ චිත්‍රපටි දෙක ලඟදි නිකුත් කරපුවා.

New Moon (2009)
අපි කවුරුත් දන්න "ට්විලයිට්" චිත්‍රපට නිකුතුවේ නවතම එක.
2006 දී ලියපු නවකතාවක් ඇසුරෙන් නිර්මානය කරල තියෙන්නෙ.
මිත්‍යා කතාවක් වුවත් මේක සාමන්‍ය ආදරය ගැන කතාවෙන එකක්.  






The Time Traveller's Wife


මේකත් ඉතින් මිත්‍යාවක් තමයි. ඒත් ඉතින් නියම කතාව. ගොඩක් දුරට "ටයිම් මැෂින්" චිත්‍රපටයෙ කතාවට සමානයි. හැබැයි ඊට වැඩිය මගේ හිතට ඇල්ලුවා.






Into The Wild!




මේක ඉතින් කලින් කීප සැරයක්ම බලල තිබ්බෙ. මගේ අතින් මැකිල ගියපු චිත්‍රපටයක්.ලඟදී යාලුවෙක්ගෙ ලඟ තිබිලා ආයෙත් ලැබුනා, ආයෙත් බැලුවා. පට්ටම පට්ට චිත්‍රපටිය.



මේකනම් මිත්‍යාවක් නෙමේ.
සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය කරපු නවකතාවක්ක් පාදක කරගෙන නිර්මාණය කරපු එකක්.
සාමාන්‍ය ජීවිතයේ කරදර බාදක වලින් නික්මිලා,අසාමාන්‍ය නිදහසක් සොයා ගිය අපූරු මිනිසෙක් ගැන තමයි කියවෙන්නෙ.








තවත් ඔය වගේ අපූරු චිත්‍රපට හෝ වෙනත් යමක් ගැන ගැන දැනගන්න ලැබුනොත් "සාමාන්‍යයෙන් අසාමාන්‍ය.."දෙවෙනි කොටසින් හමුවෙමු!

මගේ ඉන්ගිරිසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com
Share/Bookmark

නුවර ගිය 3idiots !

Thursday, March 4, 2010


අපිත් ගියා නුවර පොඩි රවුමක් දාලා මේ කලබලකාරී ජීවන රටාවෙන් මිදෙන්න.ඇත්තටම අපි ගියේ විනෝද චාරිකාවක් නම් නෙමේ.මේකත් මේ අර මුලින් කිව්ව ජීවන රටාව නිසා තමයි උදා උනේ.මේක ඉතින් අපි පොඩි පික්නික් එකක් බවට හරවගත්ත.

"මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා" වල මාසික හමුවීමේ වාර රැස්වීමකට යන්න සිද්ධ උනා.වෙනද ඕක තියෙන්නෙ කොළඹ. මේ පාර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තිබ්බෙ.
නුවර යද්දි ගියේ ඔවුන්ගෙ බස් රථයෙ උනාට එද්දි අපි තීරණය කලා එදා රෑ අපේ නුවර ඉන්න යාළුවෙක්ගෙ ගෙදර නැවතිල පහුවෙනිද නුවර ඇවිදලම යන්න ඕන කියල.

ඉතින් ඕකෙදි ගත්තු පින්තූර එහෙම මං ගාව තිබ්බෙ ටිකයි.මොකොද මගේ කැමරාවෙ තියෙන්නෙ ගිගා බයිට එකක් මතක ධාරිතාවක් තියෙන චිපයක්.
ඉතුරුවා පස්සෙ පල කරන්න හිතුව.මොකොද ඉතුරු ඒව තියෙන අපේ නුවර යාළුව තාම මුණ ගැහුනෙ නැති නිසා.විද්‍යුත් තැපෑලෙන් එවන්නත් බෑ වගේ.එතන ගිගා බයිට හතරක්!

දන්නවනෙ මේ ඉන්නෙ කවුද කියල.
උඩම ඡායාරුව ( වමේ සිට ) කේශාන් , ශාමේන්ද්‍ර(වැදගත්ම එකානෙ :D ) ,කලණ 
දෙවන ඡායාරුව ( වමේ සිට ) කේශාන් , අශාන්, මම

ඉතින් ඊට පහු වෙනිද නුවර දළදා මාලිගාව වැඳ පුදා ගෙන,මල් වත්තෙත් රවුමක් ගහල, තවත් රසවත් තැන් බොහොමයක්ම රසවිඳල තමයි අවේ. මේ ගමන අපේ කේශාන්ගේ මනෝ විකාර ලියන කේශාන් සහෝදරයත්,කලන සහෝදරයත් එකතු උනා.අපේ නුවර යාළුවා අශාන්ගෙන් ලැබුනු උදව් නම් උපරිමයි.
එද්දි ගත්තු වීඩියෝ ටිකක් එකතු කරල මට හිතුන පොඩි දේශාථනයක් තියන්න ඕන කියල. ඒක මම ඔන්න පොඩි කෙටි චිත්‍රපටියක් විදියටම හැදුව.බලන්න හොඳද කියල?
කැමති අදහසක් ලියල යනවනම් ඔය ක්ෂේත්‍රයට කැමති මට ,ඒක ලොකු උදව්වක් වේවි! 




මගේ ඉන්ගිරිසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com
Share/Bookmark

නියම සින්දුව නේද!

Sunday, February 7, 2010



මගේ ඉන්ගිරිසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com
Share/Bookmark

please vote if good | හොදනම් මටත් vote එකක් දෙන්න...

Wednesday, October 28, 2009



http://imaginecup.com/Competition/DisplayVideo.aspx?CompetitionId=39&TeamId=19775

by Udaya Shamendra (UD.SHA)
for my technical blog ,please visit http://udsha.wordpress.com
Share/Bookmark