එන්න අපේ සෙවනට... තවත් නොබෝ දිනකින්ම...

විශේෂ නිවේදන - අවදියෙන් සිටින්න... මේ ඔබේ අවස්ථාවයි!

Showing posts with label විනෝදාත්මක. Show all posts
Showing posts with label විනෝදාත්මක. Show all posts

ඔබේ හඬ_නොමකන්න_Mr BULB!

Sunday, March 27, 2011

අපිට නොපෙනෙන/ නොදැනෙන අඳුරු ලොවක් උරුම කරගත් මිනිසුන් මේ ලොව අපේ කාලයේම වසන බව මොහොතකටවත් ඔබ නොසිතන්නට ඇති.
දකුණු අප්‍රිකාවෙන් උදාහරණ ගෙනහැර පාමින් ලොවට පෙන්වන්නට උත්සාහ කරන දරිද්‍රතාවය ලොව කොතැනත් පැවතීමට හැකි බව අපට බොහෝ විට නොහැඟේ.
දරිද්‍රතාවය කවදාවත් නිවාඩු ගන්නේ නැත.නමුත් ඉන් මිදී සිටින බොහෝ ජනතාව තමන් ලබන කුඩා විවේකය දරිද්‍රතාවය වෙනුවෙන් සටන් වදින ඔවුන් වෙනුවෙන් කැපකරන්නට උත්සාහ නොකරන්නේ ඇයි!

"මිස්ට බල්බ්" - තාක්ෂණයේ දියුණුවත් සමඟ කුඩා වූ ලෝකයේ දරිද්‍රතාවයෙන් පෙළෙන ළමා ළපටි වෙනුවෙන් දැනුම බෙදා දෙන්නට එක් පුද්ගලයෙක් දරන වෑයමක් ගැන කියවෙන විනාඩියක් පුරා දිග හැරෙන රූපමාලවක්.
ඒ වෑයම මල්පල ගන්වන්නට ඔබටද දායක විය හැකියි.

අන්තර්ජාතික "ඉමැජින් කප් " බහුමාධ්‍ය අංශයෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් කරන මෙම කෙටි චිත්‍රපටයේ පළමු වටය ප්‍රේක්ශක පිරිසගේ මනාප ඔස්සේ තෝරාගනී.
ඒ සඳහා ඔබගේ මනාපය භාවිතා කල හැකිය.

ඒ සඳහා,
  1. තරු පහක් සළකුනු කරන්න(ලංකාවට ප්‍රමුකස්ථානයක් දීම සඳහා )
  2. ඔබේ ඊ මේල් ලිපිනය ඇතුල කර ඊට උඩින් අති අකුරු හඳුනා සටහන් කරන්න
  3.  බොත්තම ඔබා ඡන්දය ලබා දෙන්න
  4. ඡන්දය තහවුරු කිරීමට ඔබගේ ඊ මේල් ලිපිනයට එන ලිපියේ සඳහන් දිඟුව එබීමෙන් ඡන්දය තහවුරු වේ.

වැදගත්:
  • ඔබ ඡන්දය තහවුරු නොකලහොත් එය අවලංගු වී යයි. 
  • එසේම ‍යාහූ මේල් (Yahoo Mail) ලිපින භාවිතා කර ඉන්බොක්ස් වෙතට තහවුරු ලිපිය නොලැබෙන්නේ නම් එය ස්පෑම් ඉන්බොක්ස් (Spam Inbox) තුල පරීක්ෂා කර බලන්න.

ඡන්දය දිය යුතු ආකරය...වඩාත් පැහැදිලිව... 


Share/Bookmark

හුණු වටය

Sunday, February 27, 2011



බිඳින්න රාමුවක්
නැත්නම් කොටු වෙන්නවත්


අඳින්න වළල්ලක්
වටේට තමන්ගෙම…
මකන්න පහසුවට
හුණුවලින්
අවැසිවිට!

http://www.facebook.com/album.php?aid=2104514&id=1425787013&l=a88726ecbd

Share/Bookmark

අලුත් ප්ලේයර් එකක්!

Saturday, May 1, 2010

ඔන්න මම කාලයක් තිස්සෙ බලාගෙන හිටපු දෙයක් අද වෙලා...ලොකු දෙයක් නෙවේ.
මම ලඟදී Vimeo වලට මාරු උනා.


මොකොද youtube ඒකෙ ප්ලේයර් එක එච්චර මගේ හිතට අල්ලන්නෙ නැති නිසා. අද මේ දැන් ටිකකට කලින් Youtube ප්ලේයර් එක වෙනස් කරල!
ඉතාමත් ලස්සන ෆ්ලෑෂ් ප්ලේයර් එකක් හඳුන්වාදීල තියෙනව.
මරු!!!!!!!!!!!



මගේ ඉංග්‍රීසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com
Share/Bookmark

නුවර ගිය 3idiots !

Thursday, March 4, 2010


අපිත් ගියා නුවර පොඩි රවුමක් දාලා මේ කලබලකාරී ජීවන රටාවෙන් මිදෙන්න.ඇත්තටම අපි ගියේ විනෝද චාරිකාවක් නම් නෙමේ.මේකත් මේ අර මුලින් කිව්ව ජීවන රටාව නිසා තමයි උදා උනේ.මේක ඉතින් අපි පොඩි පික්නික් එකක් බවට හරවගත්ත.

"මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා" වල මාසික හමුවීමේ වාර රැස්වීමකට යන්න සිද්ධ උනා.වෙනද ඕක තියෙන්නෙ කොළඹ. මේ පාර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තිබ්බෙ.
නුවර යද්දි ගියේ ඔවුන්ගෙ බස් රථයෙ උනාට එද්දි අපි තීරණය කලා එදා රෑ අපේ නුවර ඉන්න යාළුවෙක්ගෙ ගෙදර නැවතිල පහුවෙනිද නුවර ඇවිදලම යන්න ඕන කියල.

ඉතින් ඕකෙදි ගත්තු පින්තූර එහෙම මං ගාව තිබ්බෙ ටිකයි.මොකොද මගේ කැමරාවෙ තියෙන්නෙ ගිගා බයිට එකක් මතක ධාරිතාවක් තියෙන චිපයක්.
ඉතුරුවා පස්සෙ පල කරන්න හිතුව.මොකොද ඉතුරු ඒව තියෙන අපේ නුවර යාළුව තාම මුණ ගැහුනෙ නැති නිසා.විද්‍යුත් තැපෑලෙන් එවන්නත් බෑ වගේ.එතන ගිගා බයිට හතරක්!

දන්නවනෙ මේ ඉන්නෙ කවුද කියල.
උඩම ඡායාරුව ( වමේ සිට ) කේශාන් , ශාමේන්ද්‍ර(වැදගත්ම එකානෙ :D ) ,කලණ 
දෙවන ඡායාරුව ( වමේ සිට ) කේශාන් , අශාන්, මම

ඉතින් ඊට පහු වෙනිද නුවර දළදා මාලිගාව වැඳ පුදා ගෙන,මල් වත්තෙත් රවුමක් ගහල, තවත් රසවත් තැන් බොහොමයක්ම රසවිඳල තමයි අවේ. මේ ගමන අපේ කේශාන්ගේ මනෝ විකාර ලියන කේශාන් සහෝදරයත්,කලන සහෝදරයත් එකතු උනා.අපේ නුවර යාළුවා අශාන්ගෙන් ලැබුනු උදව් නම් උපරිමයි.
එද්දි ගත්තු වීඩියෝ ටිකක් එකතු කරල මට හිතුන පොඩි දේශාථනයක් තියන්න ඕන කියල. ඒක මම ඔන්න පොඩි කෙටි චිත්‍රපටියක් විදියටම හැදුව.බලන්න හොඳද කියල?
කැමති අදහසක් ලියල යනවනම් ඔය ක්ෂේත්‍රයට කැමති මට ,ඒක ලොකු උදව්වක් වේවි! 




මගේ ඉන්ගිරිසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com
Share/Bookmark

දුටුගැමුණු {dot} lk

ශ්‍රී ලංකාවේ ඉතිහාසය ලොවට හඬගා කියන්නට තියෙන ක්‍රම බොහෝමයි.

සිංහලෙන් බ්ලොග් ලිවීමත් එවැනි එක් ක්‍රමයක්.දැන් දැන් ලාංකිකයන් ගොඩක් දෙන්නා මේ පැත්තට නැඹුරු වෙමින් ඉන්නෙ.තාක්ෂණික පැත්තෙන් ඊට ඇති බාධා දුරු කරලීම ඒ අංශයේ ඉන්න අයට භාරයි.
ඒ පැත්තෙන් නම් කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යායතනයේ යුනිකෝඩ පරිවර්තකය, සිංහල විකිපීඩියාව, යුනිකෝඩ කේත පද්ධතිය බාවිතා කිරීමේ පහසුව, කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යායතනයේ ensitip firefox plugin එක සහ මෙකී නොකී බොහෝ දේ හැදින්විය හැකියි.

මම අද මේ කියන්නට යන්නෙ තවත් ඒ වගේ නිර්මාණ කර්තව්‍යක් ගැන.

අපි ලොකු කුඩා හැම දෙනාම කැමති දෙයක් තමයි පරිගණක ක්‍රීඩා කියන්නෙ.
ශ්‍රී ලංකාවේ පරිගණක ක්‍රීඩා නිපදවන සමාගමක් වන  GTS ආයතනය මේ පාරත් අලුත් වැඩකට අත ගහල.

"අබා" වගේ අපේ ඉතිහාසයේ සිදුවීම් ආවරණය වන පරිදි සැකසූ තවත් පරිගණක ක්‍රීඩා වැඩසටහනක්!
මෙන්න මෙත්නට ගිහිල්ල බලන්න.


දුටුගැමුණු රජතුමා අපේ රටේ හිටපු ශ්‍රේෂ්ඨ රජතුමෙක්.
අදටත් එතුමා කරපු සේවය අපි හැම දෙනාම කතා බහ කරනව.


ඉතින් මම හිතන්නෙ ප්‍රොජෙක්ට් දුටුගැමුනු ඉතාමත් සාර්ථක උත්සාහයක් වේවි.
මගෙන් සුබ පැතුම්!


මගේ ඉන්ගිරිසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com
Share/Bookmark