එන්න අපේ සෙවනට... තවත් නොබෝ දිනකින්ම...

විශේෂ නිවේදන - අවදියෙන් සිටින්න... මේ ඔබේ අවස්ථාවයි!

Showing posts with label හොයාගත්තා. Show all posts
Showing posts with label හොයාගත්තා. Show all posts

ස්කයිප් වැඩ කරන්නේ නැද්ද? මෙන්න විසඳුම

Thursday, May 26, 2011


මෙය වලංගු වන්නේ 2011-මැයි-26 වෙනිදා ඇති වූ ප්‍රශ්නයට පමණි.


1.) මුලින්ම වින්ඩෝස් වල රන් විධානය ක්‍රියාත්මක කරන්න.ඒ සඳහා වින්ඩෝස් කී එක සමඟ "R" ඔබන්න.
2.) දැන් මේ කොටස එතන ටයිප් කරන්න
        %appdata%\skype
3.) දැන් විවෘත වන ෆොල්ඩරයෙහි ඇති  shared.xml. ෆයිලය මකා දමා ස්කයිප්ආරම්භ කරන්න.

2011 © udsha.blogspot.com 

Share/Bookmark

ඔබේ අනාගතය! සූදානමින් සිටින්න!

Sunday, February 27, 2011



Share/Bookmark

තවත් ෆේස් බුක් වයිරසයක්!!!!!!! - http://apps.facebook.com/mynewapppp/

Saturday, June 12, 2010

තවත් ෆේස් බුක් වයිරසයක්!!!!!!!

http://apps.facebook.com/mynewapppp/




තවත් ෆේස් බුක් වයිරසයක්!!!!!!!
මේ විදියට කමෙන්ට් එකක් වැටිල තියෙනවනම් ඒක ගොඩක් දුරට වයිරසයක් වෙන්න පුලුවන්...
මේක ඉතාමත් ඉක්මනට පැතිරෙනව...වගේ!!!
හ්ම්ම්ම්
මූණු පොත කියන්නෙත් දැන් ටිකක් අනතුරුදායක තැනක් නොවැ!
පරිස්සමෙන්!


මගේ ඉංග්‍රීසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com
Share/Bookmark

ෆේස්බුක් වයිරසයක් !!!!!!!!!!!!!!!!

Saturday, May 15, 2010



 This is without doubt the sexiest video ever! :P:P :P . 
මේ වගේ වැකියක් දැක්කොත් ඒක ක්ලික් කරන්න එපා!
මේක වයිරස් එකක්. මේ වගේ ස්කෑම් වයිරස් එකක් දැනට කාලෙකට කලිනුත් ආව.
ඒකෙ නම Optical Illusion![HQ].
මේකෙ නම Candid Camera prank![HQ].
ඕක ක්ලික් කරාම වීඩියෝ එකක් පෙන්නනෙ නෑ. ඒ වෙනුවට පහල තියෙන ඇප්ලිකේෂන් එකට යනව.
http://apps.facebook.com/nadq_sdas/.
එතනදි vlcmediaplayer.exe එක බාගත වෙනව!
ඒක ස්කෑම් වයිරස් එකක්.
පරිස්සම් වෙන්න! මං හිතන්නෙ දැන් හැම අකවුන්ට් එකක්ම වගේ මේක පැතිරිලා!

මගේ ඉංග්‍රීසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com
Share/Bookmark

භූමිකම්පා නිසා වුනු කම්පනයකින්...

Thursday, March 4, 2010


මේක මේ මට නිකන් හිතිල අධ්‍යනය කරපු දෙයක්.
මේ දවස් වල ලෝකයේ ගොඩක් තැන් වල භූමි කම්පා සිද්ධ වෙනවනෙ.
ඒ වගේම අපේ රටට සුනාමි කියන මහා විපත වගේම ,ඒ විපතෙන් සිදුවූ විපතටත් වඩා වැඩි හානි සිදුකරමින් ඇති වූ හයිටි භූ කම්පනයත් බොහොමයක් දෙනාගෙ හිත්වල පැලපදියම් වෙලා ඇතිනෙ!
මෙහෙම දෙයක් භූ විද්‍යාවෙ තියෙනවද කියල මම දන්නෙ නෑ! මුලින්ම ඒක කියල ඉන්න ඕන.

අපේ ගෙදර තියෙනව ඉස්සර මම ඩී.එස්.අයි. එකෙන් සපත්තුවක් ගන්න ගියවෙලෙ ප්‍රචාරක තිලිණ ලෙස හම්බ වුනු ලෝක ගෝලයක්.මේ පුංචි ලෝක ගෝලයටත් මේ කතාවෙ වැදගත් තැනක් ලැබෙනව.
එදා සුමාත්‍රා වලට භූ කම්පනය උනාට පස්සෙ භූ කම්පනයක් උනා.ඒක උනේ හවායි වල.
සුමාත්‍රා වලත් තවත් භූ කම්පන උනා.



දැන් එමු මේ පාර උන එක ගැන කතාකරන්න.මේ පාර උනේ ( මම මේ කියන්නෙ, 2010-03-05 ) චිලී සහ තායිවානයේ.
පොඩ්ඩක් හොදින් බැලුවොත් පෙනේවි අනුයාතව සිදුවෙන මේ සිදුවීම් බොහොමයක් ( හැම එකම නෙමේ ) ලෝකයේ ප්‍රතිවිරුද්ධ අන්ත දෙකක සිදුවෙන බව.
චිලී,තායිවානය වගේම හවායි, සුමාත්‍රා යන ඒවත් ආසන්නව හෝ මම උඩින් කියපු දේත් එක්ක ගැළපෙනව කියල !
ලෝක ගෝලයක් අරගෙන ඔයගොල්ලත් බලන්න බොරුද කියල?


මගේ ඉන්ගිරිසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com
Share/Bookmark

ආදර්ශමත් නිමැවුම්කරු!

Wednesday, March 3, 2010


මීට වසර 80 කට පෙර , එනම් 1905 වසරේ එක්තරා කාර්යාලයක ලිපිකරුවකු ලෙස  සේවය කල පුද්ගලයෙක් ඔහුගේ සුපුරුදු රාජකාරි වලට  අමතරව තවත් අපූරු කර්තව්ය්යක නිරත වී සිටියේය. එනම් විද්යායත්මක පර්යේෂණ වල නිරත වී සිටීමයි.


ඔහුගේ විශේෂත්වය වූයේ ඔහුගේ එම පර්යේෂණ ලෝක ප්රපසිද්ධියට පත්වීමත් ඒ අන් කවරකුවත් නොව අප හොදින් හදුනන පුද්ගලයකු වීමත්ය.
එතුමා අල්බට් අයින්ස්ටයින් නම් විය.

ඔහු එම වර්ෂයේදී පර්යේෂණ පත්‍රිකා තුනක් එලිදැක්වූ අතර ඒ සදහා වසර පනහක් සපිරීම නිමිත්තෙන් දෙදහස් පහ වසරේදී යුනෙස්කොව විසින් එම වසර ජගත් භෞතික විද්‍යා  වසර ලෙස හැදින්වීය.  
අයින්ස්ටයින් විසින් සොයාගත්  දේ අතරින් තවමත් පැහදිලි කිරීමට අපහසු  දේවල් සහ ඒවායින් ලබාගන්නා ප්‍රයෝජන අති මහත් වේ.

නමුත් ඔහු විසින් පවසන ලද ආදර්ශමත් වැකි පිලිබඳව සහ ඔහුගේ සාමාන්ය ජීවිතය ගැන කතා කරන්නේ බොහොම අඩුවෙන්.
ඉතින් මම හිතුවෙ ඔහුගෙ ලස්සන වැකි කීපයක් ලියා තබන්න.

මගේ බ්ලොගේ නමට යටිනුත් එතුමාගේ කියමනක් තමයි යොදාගෙන තියෙන්නෙ.
*
"මගේ සිතුම් පැතුම් සිතුවම් කිරීමට තරම් හැකියාවක් මට තිබේ.සිතුම් පැතුම් "දැනුමට" වඩා වැදගත් වේ.මන්ද "දැනුම" සීමාසහිත වීමයි.සිතුම් පැතුම් එසේ නොවේ!"
*


"මිනිස් සිතට විශ්වය මුළුමනින්ම අවබෝධ කරගැනීමේ හැකියාවක් නොමැත.මිනිසා සතුව මේ ගැන තියෙන්නේ ඉතා විශාල පුස්තකාලයකට පිවිස පොතක් කියවන කුඩා ළමයකු සතු දැනුම වැනි එකකි."
*දියුණුව සමීකරණයක් ඇසුරෙන් පෙන්වා දිය හැකිය.මේක සිංහලෙන් දානවට වඩා මෙහෙමම දාන එක ඒකෙ තේරුමට හානි නොවී බලාගන්න උදව් වේවි.
“If A equals success, then the formula is A equals X plus Y and Z, with X being work, Y play, and Z keeping your mouth shut.”
*මේ වගේ ගොඩක් ජීවිතේ වැදගත් වන දේවල් කියල තියෙනව.
වැඩි විස්තර මෙතනින් බලාගන්න.
http://alberteinsteinblog.org/


මගේ ඉන්ගිරිසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com
Share/Bookmark