එන්න අපේ සෙවනට... තවත් නොබෝ දිනකින්ම...

විශේෂ නිවේදන - අවදියෙන් සිටින්න... මේ ඔබේ අවස්ථාවයි!

Showing posts with label ප්‍රවෘත්ති. Show all posts
Showing posts with label ප්‍රවෘත්ති. Show all posts

ඔබේ හඬ_නොමකන්න_Mr BULB!

Sunday, March 27, 2011

අපිට නොපෙනෙන/ නොදැනෙන අඳුරු ලොවක් උරුම කරගත් මිනිසුන් මේ ලොව අපේ කාලයේම වසන බව මොහොතකටවත් ඔබ නොසිතන්නට ඇති.
දකුණු අප්‍රිකාවෙන් උදාහරණ ගෙනහැර පාමින් ලොවට පෙන්වන්නට උත්සාහ කරන දරිද්‍රතාවය ලොව කොතැනත් පැවතීමට හැකි බව අපට බොහෝ විට නොහැඟේ.
දරිද්‍රතාවය කවදාවත් නිවාඩු ගන්නේ නැත.නමුත් ඉන් මිදී සිටින බොහෝ ජනතාව තමන් ලබන කුඩා විවේකය දරිද්‍රතාවය වෙනුවෙන් සටන් වදින ඔවුන් වෙනුවෙන් කැපකරන්නට උත්සාහ නොකරන්නේ ඇයි!

"මිස්ට බල්බ්" - තාක්ෂණයේ දියුණුවත් සමඟ කුඩා වූ ලෝකයේ දරිද්‍රතාවයෙන් පෙළෙන ළමා ළපටි වෙනුවෙන් දැනුම බෙදා දෙන්නට එක් පුද්ගලයෙක් දරන වෑයමක් ගැන කියවෙන විනාඩියක් පුරා දිග හැරෙන රූපමාලවක්.
ඒ වෑයම මල්පල ගන්වන්නට ඔබටද දායක විය හැකියි.

අන්තර්ජාතික "ඉමැජින් කප් " බහුමාධ්‍ය අංශයෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් කරන මෙම කෙටි චිත්‍රපටයේ පළමු වටය ප්‍රේක්ශක පිරිසගේ මනාප ඔස්සේ තෝරාගනී.
ඒ සඳහා ඔබගේ මනාපය භාවිතා කල හැකිය.

ඒ සඳහා,
  1. තරු පහක් සළකුනු කරන්න(ලංකාවට ප්‍රමුකස්ථානයක් දීම සඳහා )
  2. ඔබේ ඊ මේල් ලිපිනය ඇතුල කර ඊට උඩින් අති අකුරු හඳුනා සටහන් කරන්න
  3.  බොත්තම ඔබා ඡන්දය ලබා දෙන්න
  4. ඡන්දය තහවුරු කිරීමට ඔබගේ ඊ මේල් ලිපිනයට එන ලිපියේ සඳහන් දිඟුව එබීමෙන් ඡන්දය තහවුරු වේ.

වැදගත්:
  • ඔබ ඡන්දය තහවුරු නොකලහොත් එය අවලංගු වී යයි. 
  • එසේම ‍යාහූ මේල් (Yahoo Mail) ලිපින භාවිතා කර ඉන්බොක්ස් වෙතට තහවුරු ලිපිය නොලැබෙන්නේ නම් එය ස්පෑම් ඉන්බොක්ස් (Spam Inbox) තුල පරීක්ෂා කර බලන්න.

ඡන්දය දිය යුතු ආකරය...වඩාත් පැහැදිලිව... 


Share/Bookmark

ඔබේ අනාගතය! සූදානමින් සිටින්න!

Sunday, February 27, 2011



Share/Bookmark

ජුලියන් කොල්ලාගේ නොදුටු පැත්ත...

Monday, December 13, 2010

"ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ රහස් ලිපිගොනු අන්තර්ජාලයට එක් කරමින් ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාංජ් බි‍්‍රතාන්‍ය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත."
පසුගිය දිනවල සෑම පුවත් වෙබ් අඩවියකම වාගේ දකින්නට ලැබුනු ඉහත පුවත වූයේ ජුලියන් කොල්ලා පිළිබඳවයි.

1971දී ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත්යේ උපත ලද ජුලියන් වර්තමානයේ ප්‍රසිද්ධ වූයේ විකිලීක්ස් / ස්ත්‍රී දූෂණ සම්බන්දයෙනි.
ඒත් මේ පිටුපස ඇති ඇත්ත කතාව මෙන්ම ඔහුගේ සැබෑ තතු ලොවෙන් වසන් වී ඇති බව බොහෝ සංවිධාන පවසයි.
මාධ්‍ය වෙනුවෙන් කල සේවය ඇගයීම වෙනුවෙන් ඔහු ජාත්‍යන්තර සම්මාන දෙකකින් පුද ලබා ඇත.
ඔහු වෘත්තීන් රැසක නිරත වී ඇත.
ඒ අතර මෘදුකාංග ඉංජිනේරුවරයෙකු, මාධ්‍යවේදියකු, අන්තර්ජාල ක්‍රියාකරිකයෙක් වගේම නමගිය හැකර් කෙනෙක් කියල තමයි ආරංච්ය.
ලොව පලමු පෝර්ට් ස්කෑනරය(විවෘත හා නිදහස්) වන "ස්ට්‍රෝබ්" නිපද්වූයේ කවුද?වෙන කවුද ඒ ඔහු.
රටවල් ගණනාවක සංචාරය කර මාධ්‍ය මෙහෙවර ඉටු කර ඇති ඔහු වරක් "මට ජීවත් වන්න සිදුවන්නේ ගුවන් තොටුපලවල " යැයි මාධ්‍යට පවසා ඇත.



ජුලියන්ගේ අම්මා ඔහු ගැන කියූ දේ:

ජුලියන් අසාන්ජ්ගේ රහසිගත/ සැගවුනු තතු:



විකිලීක්ස්

“විකිලීක්ස්” වෙබ් අඩවිය විසින් මෑත භාගයේ දී සිදුකරන ලද අතිශය ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීම් හේතුවෙන් බටහිර හා අමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ ව්‍යාජ සළුපිළි ගැලවී ගිය බව පැහැදිළි කාරණයකි. කිසියම් රාජ්‍යයක් හා සම්බන්ධ අතිශය වැදගත් රහසිගත තොරතුරු යම් කිසි අයුරකින් ප්‍රසිද්ධියට පත්වීම රාජ්‍ය තාන්ත්‍රික සදාචාරමය මුලධර්මයන්ට අනුව අනුමත නොකෙරේ.
එහෙත්, මෙහිදී හෙළිදරව් වී ඇති කාරණා ඔස්සේ සමස්ත ලෝකයේ යහපතට හේතුවන ක්‍රියාමාර්ග කරා අවතීර්ණවීමට ඇති හැකියාව තුළ එය නිකම්ම බැහැර කළ නොහැකි වී තිබේ. එසේම, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, අදහස් ප්‍රකාශනයේ නිදහස වැනි මාතෘකා පිළිබඳ උස්හඩින් කතා කරන හා එම කාරණා සෙසු රටවල් තමන්ට අවනතව තබා ගැනීමේ ආයුධ ලෙස යොදාගන්නා බලවත් රටවල් ඒවාට ගරුකර ඇති ආකාරය මෙම හෙළිදරව් කිරීම් මඟින් සාක්ෂි සහිතව සනාථ වන නිසාද එය අවධානයට ලක්විය යුතුය.
අමෙරිකාව සහ බටහිර බලවතුන්ගේ කියුම් සහ කෙරුම් අතර ඇති බරපතළ වෙනස ද ‘විකිලීක්ස්’ වෙබ් අඩවිය පැහැදිලිව පෙන්නුම් කර ඇත.
මුලින් ඉරාක ආක්‍රමණය හා ඉරාකයේ සිදුවන අමෙරිකානු හමුදා ක්‍රියාකාරකම් පිළිබඳ රහස්‍ය තොරතුරු දස දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් නිරාවරණය කළ ‘විකිලීක්ස්’ වෙබ් අඩවිය ඉන් පසුව ඇෆ්ගන් යුද දිනපොත මැයෙන් ඇෆ්ගන් යුද්ධය පිළිබඳ තොරතුරු, වීඩියෝ දර්ශන, ඡායාරූප ආදිය ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් හෙළිදරව් කළේය.
එම හෙළිදරව් කිරීම් සමඟ ඇෆ්ගනිස්තානයේ හා ඉරාකයේ “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයට මුවාවෙමින් සිදුවන දේවල් පිළිබඳ එතෙක් කෙරී තිබූ අනාවරණයන්ට හා අදහස් ප්‍රකාශනයන්ට ප්‍රබල සාක්ෂිමය පදනමක්ද ඇතිවිණි.

-(C) 2010-12-13 දිනමිණ

විකිලීක්ස් ගැන බොහෝ දෙනා දැන් දන්න නිසා ඒ ගැන අමුතුවෙන් පැවසීම අවශ්‍ය නොවේ. ඉහත සඳහන් වන්නේ ඒ ගැන දිනමිණ පුවත්පතේ සඳහන් වී තිබූ අයුරු.

මේ ඔහුගේ හඬයි : මේ ලෝකයට විකිලීක්ස් වලින් ඇති ප්‍රයෝයනය කුමක්ද? ඔහු "ටෙඩ්" සම්මන්ත්‍රණයකදී පැවසූ අදහස්!





ඔහු පිලිබඳ ජාත්‍යන්තර මාධ්‍යයේ පල වන කාටූන: 





Share/Bookmark

තවත් ෆේස් බුක් වයිරසයක්!!!!!!! - http://apps.facebook.com/mynewapppp/

Saturday, June 12, 2010

තවත් ෆේස් බුක් වයිරසයක්!!!!!!!

http://apps.facebook.com/mynewapppp/




තවත් ෆේස් බුක් වයිරසයක්!!!!!!!
මේ විදියට කමෙන්ට් එකක් වැටිල තියෙනවනම් ඒක ගොඩක් දුරට වයිරසයක් වෙන්න පුලුවන්...
මේක ඉතාමත් ඉක්මනට පැතිරෙනව...වගේ!!!
හ්ම්ම්ම්
මූණු පොත කියන්නෙත් දැන් ටිකක් අනතුරුදායක තැනක් නොවැ!
පරිස්සමෙන්!


මගේ ඉංග්‍රීසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com
Share/Bookmark

ස්කූප්ලර් සෙවුම් යන්ත්‍රය සහ අපේකම !

Saturday, March 13, 2010



අපේකම,අපේකම රැකගැනීම ගැන මේ දවස් වල ඕනවටත් වැඩියෙන් කතාවෙනව, මොකොද ඡන්දයක් හෙට අනින්දම තියෙනවනෙ.

නමුත් පහුගිය දවසක අපේ එකෙක් ගැන දෙරණ රූපවාහිනිය වාර්තා කරල තිබ්බ.ඒ අපේම කොල්ලෙක්. 
ඔහු දිලාන් ජයවර්ධනය.

ශිෂ්‍යත්වයක් ලබා ඇමරිකාවේ මැසචුසෙට් තාක්ෂණික ආයතනයට වැඩිදුර අධ්‍යාපනය ලබන්න ගිය ඔහු 2006 ඉන් ඉවත් වීමෙන් පසුව ඔරකල් ආයතනයේ සේවය කොට පසුව තමාගේම පර්යේෂණ හා අධ්‍යනවල නිරතවීය.
ඉන් අනතුරුව තවත් ශ්‍රී ලාංකිකයෙකු සමග පටන් ගත් ස්කූප්ලර් නැමැති සෙවුම් යන්ත්‍රය විශේෂ එකකි.
මන්ද එය රියල් ටයිම් සර්ච් හෙවත් එම මොහොතේ වෙන සිදුවීම් එවලේම පෙන්වන සෙවුම් ක්‍රමයකි.
මේ තියෙන්නෙ ඔහුගේ සෙවුම් යන්ත්‍රයෙ තිර සටහන් දෙකක්.




මගේ ඉන්ගිරිසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com
Share/Bookmark

භූමිකම්පා නිසා වුනු කම්පනයකින්...

Thursday, March 4, 2010


මේක මේ මට නිකන් හිතිල අධ්‍යනය කරපු දෙයක්.
මේ දවස් වල ලෝකයේ ගොඩක් තැන් වල භූමි කම්පා සිද්ධ වෙනවනෙ.
ඒ වගේම අපේ රටට සුනාමි කියන මහා විපත වගේම ,ඒ විපතෙන් සිදුවූ විපතටත් වඩා වැඩි හානි සිදුකරමින් ඇති වූ හයිටි භූ කම්පනයත් බොහොමයක් දෙනාගෙ හිත්වල පැලපදියම් වෙලා ඇතිනෙ!
මෙහෙම දෙයක් භූ විද්‍යාවෙ තියෙනවද කියල මම දන්නෙ නෑ! මුලින්ම ඒක කියල ඉන්න ඕන.

අපේ ගෙදර තියෙනව ඉස්සර මම ඩී.එස්.අයි. එකෙන් සපත්තුවක් ගන්න ගියවෙලෙ ප්‍රචාරක තිලිණ ලෙස හම්බ වුනු ලෝක ගෝලයක්.මේ පුංචි ලෝක ගෝලයටත් මේ කතාවෙ වැදගත් තැනක් ලැබෙනව.
එදා සුමාත්‍රා වලට භූ කම්පනය උනාට පස්සෙ භූ කම්පනයක් උනා.ඒක උනේ හවායි වල.
සුමාත්‍රා වලත් තවත් භූ කම්පන උනා.



දැන් එමු මේ පාර උන එක ගැන කතාකරන්න.මේ පාර උනේ ( මම මේ කියන්නෙ, 2010-03-05 ) චිලී සහ තායිවානයේ.
පොඩ්ඩක් හොදින් බැලුවොත් පෙනේවි අනුයාතව සිදුවෙන මේ සිදුවීම් බොහොමයක් ( හැම එකම නෙමේ ) ලෝකයේ ප්‍රතිවිරුද්ධ අන්ත දෙකක සිදුවෙන බව.
චිලී,තායිවානය වගේම හවායි, සුමාත්‍රා යන ඒවත් ආසන්නව හෝ මම උඩින් කියපු දේත් එක්ක ගැළපෙනව කියල !
ලෝක ගෝලයක් අරගෙන ඔයගොල්ලත් බලන්න බොරුද කියල?


මගේ ඉන්ගිරිසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com
Share/Bookmark

දුටුගැමුණු {dot} lk

ශ්‍රී ලංකාවේ ඉතිහාසය ලොවට හඬගා කියන්නට තියෙන ක්‍රම බොහෝමයි.

සිංහලෙන් බ්ලොග් ලිවීමත් එවැනි එක් ක්‍රමයක්.දැන් දැන් ලාංකිකයන් ගොඩක් දෙන්නා මේ පැත්තට නැඹුරු වෙමින් ඉන්නෙ.තාක්ෂණික පැත්තෙන් ඊට ඇති බාධා දුරු කරලීම ඒ අංශයේ ඉන්න අයට භාරයි.
ඒ පැත්තෙන් නම් කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යායතනයේ යුනිකෝඩ පරිවර්තකය, සිංහල විකිපීඩියාව, යුනිකෝඩ කේත පද්ධතිය බාවිතා කිරීමේ පහසුව, කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යායතනයේ ensitip firefox plugin එක සහ මෙකී නොකී බොහෝ දේ හැදින්විය හැකියි.

මම අද මේ කියන්නට යන්නෙ තවත් ඒ වගේ නිර්මාණ කර්තව්‍යක් ගැන.

අපි ලොකු කුඩා හැම දෙනාම කැමති දෙයක් තමයි පරිගණක ක්‍රීඩා කියන්නෙ.
ශ්‍රී ලංකාවේ පරිගණක ක්‍රීඩා නිපදවන සමාගමක් වන  GTS ආයතනය මේ පාරත් අලුත් වැඩකට අත ගහල.

"අබා" වගේ අපේ ඉතිහාසයේ සිදුවීම් ආවරණය වන පරිදි සැකසූ තවත් පරිගණක ක්‍රීඩා වැඩසටහනක්!
මෙන්න මෙත්නට ගිහිල්ල බලන්න.


දුටුගැමුණු රජතුමා අපේ රටේ හිටපු ශ්‍රේෂ්ඨ රජතුමෙක්.
අදටත් එතුමා කරපු සේවය අපි හැම දෙනාම කතා බහ කරනව.


ඉතින් මම හිතන්නෙ ප්‍රොජෙක්ට් දුටුගැමුනු ඉතාමත් සාර්ථක උත්සාහයක් වේවි.
මගෙන් සුබ පැතුම්!


මගේ ඉන්ගිරිසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com
Share/Bookmark

ශ්‍රී ලංකාවේ ඇඩෝබි භාවිතා කරන්නන්ගේ එකමුතුව-A-SLUG

Wednesday, February 17, 2010


ශ්‍රී ලංකාවේ  ඇඩෝබි භාවිතා කරන්නන්ගේ එකමුතුව පටන් ගෙන දැනට මාස තුනක් විතරයි ගත උනේ.අපි ඒකෙ සාකච්ඡා තුනක් කලා.මේ ඒ ගැන විස්තර.අපි  ඊළඟ එක වැඩමුළුවක් විදියට තමයි කරන්න බලාපොරොත්තු වෙන්නෙ.ඒ ගැන විස්තර නුදුරු අනාගතයේදී කියන්න බලාපොරොත්තු වෙනව.මේ වැඩේට http://digit.lk නුත් ලොකු අනුග්‍රහයක් ලැබෙනව.ඔය ගොල්ලොන්ටත් එකතු වෙලා වැඩ කරන්න පුලුවන්,ඉදිරිපත්කිරීම් කරන්නත් පුලුවන්.තවත් වාසි ගොඩක් තියෙනව .
View more presentations from ududsha.

මගේ ඉන්ගිරිසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com
Share/Bookmark

ඇඩෝබි එයාර් දැන් ඇන්ඩ්‍රොයිඩ් එක්කත් තකට තක වැඩ

Tuesday, February 16, 2010

Adobe Air With Android : 3 A's for Your Netbook | Tech-TubeWikia

මගේ ඉන්ගිරිසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com
Share/Bookmark

ෆයර් ෆොක්ස් 3.5 නිකුත්වීම නිමිත්තෙන් පවත්වන "බාගත දිනය"

Tuesday, July 14, 2009


ෆයර් ෆොක්ස් බාගත දිනය කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගනක අධ්‍යයනායතනයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කරල තියෙන්නෙ. අගෝස්තු 6 වෙනිද.වෙලාව කලාව හරියටම කීයද කියල පස්සෙ කියන්නම් !

මොසිල්ලා පදනමත් එක්ක එකතු වෙලා තමයි මේක අපි සංවිධානය කරන්නෙ.

Firefox 3.5 is going to be the fastest Firefox yet… twice as fast as 3.0 and 10x faster than 2.0!

Read Research Article at http://udsha.wordpress.com/

මගේ ඉන්ගිරිසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com
Share/Bookmark

Dengue in Sri Lanka! - ඩෙංගු වලින් ප්‍රවේසම් වන්න!

Friday, June 12, 2009

Distribution of Dengue Fever in 2000 | 2000 වසරේ ඩෙංගු වසංගතය පැතිර ගිය අයුරු


One type of Mosquito which Spreading Dengue | ඩෙංගු රෝගය බෝ කරන මදුරුවා

ඩෙංගු රෝගය දැන් අපේ පුංචි ලංකාව තුලත් වසංගතයක් මෙන් පැතිර යමින් පවතින්නේ.
ඉක්මනින් ක්‍රියාත්මක නොවී සිටියොත් තවදුරටත් එය ව්‍යාප්තව යා හැකිය.
ඩෙංගු මර්ධන ඒකකයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දෙන උපදෙස් අනුගමනය කරන්න.
ඩෙංගු වලින් ප්‍රවේසම් වන්න!

උදය ශාමේන්ද්‍ර
by Udaya Shamendra (UD.SHA)
for my technical blog ,please visit http://udsha.wordpress.com

Share/Bookmark

සිහින කුසලානය 2009 | Imagine Cup 2009 Sri Lanka

Friday, May 29, 2009


WINNERS

@ Hotel Galadari, Colombo 01 on 18th May 2009

Next Imagine cup at Poland - 2010




by Udaya Shamendra (UD.SHA)
for my technical blog ,please visit http://udsha.wordpress.com
Share/Bookmark