එන්න අපේ සෙවනට... තවත් නොබෝ දිනකින්ම...

විශේෂ නිවේදන - අවදියෙන් සිටින්න... මේ ඔබේ අවස්ථාවයි!

එමිනෙම්ගේ සිංදුව සහ බොරුව

Sunday, August 15, 2010

එමිනෙම්ගේ සිංදුව සහ බොරුව

එමිනෙම්ගේ සිංදුව සහ බොරුව - මෙය දුටු ඕනම අයෙක් හිතාවි මේක එමිනෙම්ගෙ සින්දු විවේචනය කරන්න මම ලියපු එකක් කියල.
ඒත් මේක එහෙම එකක් ගැන නෙමේ. එමිනෙම්ගෙ සිංදු වලට ආස අය වගේම ඒව විවේචනය කරමින් බනින අයත් ඉන්නවනෙ.මාත් එමිනෙම්ගෙ සමහර සිංදු වලට විතරයි ආස.
ඒත් මේක එමිනෙම්ගෙ නොට් අෆ්‍රරේඩ් කියන සිංදුවට හදපු වෙනත් වීඩියෝ එකක්.ඇත්තටම ඒක එමිනෙම්ගෙ සින්දුවෙ අනිත් පැත්ත තමයි කියවෙන්නෙ.
අහලම බලන්නකො.මුලින්ම තියෙන්නෙ ඇත්ත එක.ඊළඟට තියෙන්නෙ බොරු එක.




මගේ ඉංග්‍රීසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com
Share/Bookmark

සියුම් ගෝලීයකරණය

Wednesday, July 14, 2010



ගෝලයක් එය දෙපස වසනා
ජීවියෙක් පණ නළ පවතිනා
මමත් ඔබමෙන් මෙපස සිටිනා

දැනේ දුක් සුවඳ හමනා
කෙසේ පවසම්ද ඔබහා
ගම් නියම් යම් දුරකි දැනෙනා

(C)2010-උදය ශාමේන්ද්‍ර
Share/Bookmark

තවත් ෆේස් බුක් වයිරසයක්!!!!!!! - http://apps.facebook.com/mynewapppp/

Saturday, June 12, 2010

තවත් ෆේස් බුක් වයිරසයක්!!!!!!!

http://apps.facebook.com/mynewapppp/




තවත් ෆේස් බුක් වයිරසයක්!!!!!!!
මේ විදියට කමෙන්ට් එකක් වැටිල තියෙනවනම් ඒක ගොඩක් දුරට වයිරසයක් වෙන්න පුලුවන්...
මේක ඉතාමත් ඉක්මනට පැතිරෙනව...වගේ!!!
හ්ම්ම්ම්
මූණු පොත කියන්නෙත් දැන් ටිකක් අනතුරුදායක තැනක් නොවැ!
පරිස්සමෙන්!


මගේ ඉංග්‍රීසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com
Share/Bookmark

ඉර සහ කලාකෘතිය!-In retrospect to Алекса́ндр Пу́шкин

Thursday, June 10, 2010



බලන් ඉන්න
                   ඒ ඉර
අහන් ඉන්න
                   ඒ හඬ...//

සිතන් ඉන්න
                   ඒ රුව
ඔහුත් ඉන්න විට...

කියන් යන්න
                   ඒ දෙය
දකින්න බැරි විට...//


මගක් යන්න
                  ඒ මඟ
විටක් ඉන්න යන තුරු...

කිසිත් ඔන්න
                  ඒ වර
මුකුත් නොකිය ඉමි මම...//


(C)2010 උදය ශාමේන්ද්‍ර (අලෙක්සැන්දර් පූෂ්කින් නම් වූ ඒ මහා කලාකරුවා වෙනුවෙන්...)

ORIGINALLY POSTED @ http://sinhalakawiyak.blogspot.com

Share/Bookmark